ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය කාටද? - නිලවරණය හෙටයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය කාටද? - නිලවරණය හෙටයි

February 19, 2013   08:48 am

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන නිලවරණය හෙට (20) පැවැත්වීමට නියමිතව තිබේ.

නිලවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ සංජය ගමගේ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා දෙවන වරට තරග නොකරන බවට විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනය කිරීමත් සමඟ සභාපති ධුරයට අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී ඇත.

ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද, ආර්.ආර්.එස්. තංගරාජා සහ උපුල් ජයසූරිය යන නීතීඥවරුන් මෙවර සභාපති ධුරය සඳහා ඒ අනුව තරග කරයි.

අදාළ ඡන්ද විමසීම හෙට උදෑසන 8.00සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.