ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක්
February 5, 2013 06:17 pm
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට සමත්වී තිබේ.
සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග අද (05) මුම්බායි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 282 ක් රැස්කරන ලදී.
එහිදී දීපිකා රසාංගිකා ලකුණු 84 ක් රැස්කිරීම විශේෂත්වයක් විය.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වු තරඟ දෙකෙන් එක් තරඟයක් ජයගැනීමට මේවන විට සමත්ව ඇති ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත හොත් 2013 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතරට එක්වීමට සුදුසුකම් ලබයි.
"ඒ" කාණ්ඩය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලියේ ඉදිරියට යාමට නම් මෙම තරඟයේ ජයග්‍රහණය ඉතා වැදගත් වේ.