රට වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකුට අයහපතක් වෙන්නේ නෑ
January 9, 2013 04:53 pm
රට වෙනුවෙන් කැපවුණු කිසිදු පුද්ගලයෙකුට අයහපතක් සිදු නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එවැනි පුද්ගලයින් රැකගැනීම සඳහා කටයුතු කරන අතරම ඔවුන් රැකගත යුතුය යන හැඟීම අනාගත පරපුරට ද වටහා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එමගින් රටේ ජාතික ආරක්ෂාවට සහ ජාතිය ගොඩනැඟීමට අනාගත පරපුරේ සහයෝගය ලබා ගතහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද (09) පෙරවරුවේ අරලියගහමන්දිරයේ පැවති රණ විරු අභිමන් උපහාර උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් නිදහසත් ජනාතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියත් උදුරා ගැනීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි දී අවධාරණය කළේය.
නිදහස් නිවහල් දේශයක් ලෙස රට ගොඩනඟමින් ගෙන යන සුවිසල් සංවර්ධන වැඩපිළිවෙළ කිසිදු බලවේගයක් හමුවේ නතර නොකරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.