ශ්‍රී ලංකාව හමුවේ 363 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හමුවේ 363 ක ඉලක්කයක්

November 28, 2012   04:25 pm

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය වන අද නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම අවසන් කරමින් කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් රැස් කළේය.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 363 ක ඉලක්කය හඹා යා යුතුව ඇත.

තරඟයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සඳහා ලකුණු 412 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 244 කි.