හොර 1000 නෝට්ටු 10 ක් සමග 2 ක් දැලේ

හොර 1000 නෝට්ටු 10 ක් සමග 2 ක් දැලේ

November 14, 2012   09:26 am

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ ප‍්‍රදේශයේ දී ත‍්‍රී රෝද රථයක් පරීක්ෂා කළ අවස්ථාවේ මෙම ව්‍යාජ මුදල් සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

පොලිස් අණ නොතකා ධාවනය කළ අදාළ ත‍්‍රී රෝද රථය පසුව පෙරළී ගොස් ඇති බව සඳහන්ය.

ත‍්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 10 ක් සොයා ගත් බව පොලීසිය පවසයි.