Thursday, March 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img

නීති අවසර නොලැබීමෙන් පිල්ලෙයාන්ට අද ඇමතිවෙන්න බැරිවෙයි !

Must read

index

එල්ටීටීඊයේ හිටපු සටන්කරුවෙකු සහ තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ට අද (12) මහනුවර පැවැති අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමට නීතිමය අවසරය ලබා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.

ඔහුට ජනාධිපතිවරයා හමුවීමට හා ලිපි ලේඛන භාර ගැනීමට අවසර ලැබුණු පසු අදාළ ධූරය හිමිවනු ඇතැයි මේ අතර වාර්තා වේ.

හිටපු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පිල්ලයාන්ට අමාත්‍ය ධුරයක් භාර ගැනීමට ආරාධනා කර තිබු බව වාර්තා වේ.

ආරංචි මාර්ග වලට අනුව, අද මහනුවර පැවැත්වෙන උත්සවයට පිල්ලයාන් හට නීතිමය අවසරය ලබා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති නමුත් ඔහුට නිෂ්කාශනය ලබා ගැනීමට අපොහොසත්ව ඇති බව පැවසේ.

පිල්ලෙයාන් ඇතුළු සය දෙනෙකුට නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 32, 102, 113 [ආ] 140 සහ 146 වගන්ති යටතේ 2 [1] [අ], 2 වගන්තිය යටතේ කියවෙන 1982 අංක 10 දරණ පනත හා 1988 අංක 22 දරණ පනත මගින් සංශෝධනය කරන ලද 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ [තාවකාලික ප්‍රතිපාදන] පනතේ 3 සහ ආ (3) ආ යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බවට මඩකලපුව මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබේ.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article