ගිවිසුම ලබා නොදුන්නොත් කරන දේ GMOA පවසයි
July 20, 2017 12:39 pm
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළ ගිවිසුම තමන් හට ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ අදාළ ගිවිසුම ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් තොරතුරු පනත යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තද එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු රැසක් පවතින බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ද පැවසීය.