පොලිසියේ ඉහළම පුටු 12 කට ස්ථාන මාරු..
ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් 12 දෙනෙකු සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙකු මෙසේ ස්ථාන මාරුකර යවා අැත. අදාළ ස්ථාන මාරුවීම්, පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත සිදු කර ඇති බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.