සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගංවතුරෙන් ජනතාවට වූ පීඩාව තවත් වැඩිවූයේ පළාත් පාලන අායතන විසුරුවා හැර තිබීම නිසයි – සමස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදය

ගංවතුර සහ නායයාම් තත්ත්වය නිසා ජනතාව මුහුණ දුන් පීඩාකාරී තත්ත්වය මේ අාකාරයට වර්ධනය වූයේ පළාත් පාලන අායතන විසුරුවා හැරීමෙන් අදාළ අායතන අක්‍රීයව පැවතීම නිසා බව සමස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා අවධාරණය කර සිටියි. සමස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදයේ විධායක කමිටුව ඊයේ (30) මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අතුකෝරළ මහතා මෙම අදහස් පළ කරන ලදී.

විධායක කමිටු සාමාජිකයින් ශ්‍රී දළදා වහන්සේ සහ සතර මහා දේවාල වැදපුදාගනිමින් පීඩාවට පත්ව අැති ජනතාවට අාශිර්වාද ලබා දී ඔවුන්ට යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර පසුව මහ නායක ස්වාමීන්වහන්සේලාද බැහැ දකින ලදී.

මෙම ස්වාභාවික අාපදා තත්ත්වය වර්ධනනය වීමට හේතු වී අැති පළාත් පාලන අායතන විසුරුවා හැරීම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ඉදිරියේදී මැතිවරණය පවත්වන ලෙස අාණ්ඩුවට බල කර සිටින අතර ඒ තුළින් පළාත් පාලන අායතන සක්‍රීය වීම නිසා ජනතාවට වඩා වැඩි සේවයක් ඉටු කළ හැකි වනු අැති බවත් උදේනි අතුකෝරළ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළ කළ අතුකෝරළ මහතා පවසා සිටයේ 2014 වසරේදී අැතිවූ ගංවතුර තත්ත්වයේදී මෙන්ම 2004 වසරේදී අැතිවූ සුනාමි ව්‍යසන තත්ත්වයේදීද පළාත් පාලන අායතන නියෝජිතයින් ඉතා සක්‍රීයව දායක වූ බවයි.

මෙම අවස්ථාව සදහා මහරගම නගර සභාවේ හිටපු සභාපති කාන්ති කොඩිකාර, මොරටුව නගර සභවේ හිටපු සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, දඹුල්ල මහ නගර සභා හිටපු සභාපති ජාලිය ඕපාත, මස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත පුෂ්පකුමාර, මහනුවර කඩවත්හතර ගංගොඩ කෝරළයේ ප්‍රාදේශීය සභා හිටපු සභාපති ඩී.ඒ ධර්මසේන යන මහත්ම මහත්මීන් අැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට