සියලුම ජාතික පාසල් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරයි

සියලුම ජාතික පාසල් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරයි

May 30, 2017   10:34 pm



සියලුම ජාතික පාසල්  ආපදාවට ලක් වූ දරුවන්ට අවශ්‍ය ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
එහිදී මුදල් ආධාර ලබා නොදෙන ලෙස අමාත්‍යවරයා සියලුම පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටි අතර ඇඳුම් ලබා දෙන්නේ නම් අලුත් ඇඳුම් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය.
 
එසේම පස්දුන් රට විද්‍යාපීඨය සහ රුවන්පුර විද්‍යාපීඨ ආපදාවට ලක් වූ ජනතාවට ආහාර පිස බෙදා හැරීමේ මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
පාසල්වල තිබෙන අවදානම් තත්ත්වයේ පැරණි ගොඩනැගිලි එනම් අනතුරකට ලක්විය හැකි ගොනැගිලි හඳුනා ගෙන කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කීරීමට උපදෙස් ලබාදී ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා කැබිනට් පත්‍ර‍යක් ඉදිරිපත් කරන බවත් අකිල විරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.