පාසල් පැවැත්වීම ගැන තීරණ විදුහල්පතිවරුන්ට බාරයි
May 28, 2017 02:13 pm
ජල ගැලීම් සහ නායයෑම් වලින් පීඩාවට පත් ප්‍රදේශවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම පාසල්වල විදුහල්පතිවරුන්ට පවරා තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පාසල් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇත්නම් එම පාසල් හෙට දිනය තුළ වසා දමන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.
පාසල් පැවැත්වීම සහ නොපැවැත්වීම පිළිබඳ විදුහල්පතිවරයාට තීරණය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
මේ අතර සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි.
ඒ අනුව රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, හල්දුම්මුල්ල, නිවිතිගල, කලවාන, අයගම සහ කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පාසල් වසා දැමෙනු ඇත.
මේ අතර දකුණු පළාතේ ද ආපදාවට ලක්වු පාසල් හෙට සහ අනිද්දා දිනවල වසා තැබීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්රන මහතා සඳහන් කළේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.