2018-2020 දී ලංකාවට චීන යුවාන් බිලියන 2ක ආධාර
May 16, 2017 08:44 pm
මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400 ක ආධාර මුදලට අමතරව, 2018–2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping)මහතා පවසයි.
අද (16) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ෂී ජින්පිං මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිදියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහය ලබා දීමට චීනය ක්‍රියාකරන බවයි.
චීන - ශ්‍රී ලංකා තානාපති සබඳතාවන්ට වසර 60 ක් සහ රබර් - සහල් ගිවිසුමට වසර 65 ක් පිරෙන මේ වසරේ පැරණි සබඳතාවන් තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය ද චීන ජනාධිපතිතුමන් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුව සංවිධානය කිරීම සහ මේ වසරේ මුල දී ඩවොස් ලෝක ආර්ථික සමුළුවට චීන ජනාධිපතිතුමන් සහභාගී වීම කාලීන අවශ්‍යතාවයක් බවයි.
විවෘතව හා සුහදව සියලු රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් පොදු ජයග්‍රහණ කරා එළැඹිමේ පදනම එමඟින් නිර්මාණය වන බව ද වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය.