සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැයි දිනය වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවත් මෙරට පාලකයින් එය යොදාගෙන අැත්තේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට පමණයි – ජාතික වෘත්තීය සමිති පෙරමුණ

මැයි දිනය, වැඩ කරන ජනතාව වෙනුවෙන් වන දිනයක් වන අතර ඒ සදහා වෙනම අනන්‍යතාවයක් පවතින නමුත් මේ වන මැයි දිනය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා පමණක් යොදා ගැනීමට මෙරට දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (28) මරදාන සාමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැයි දිනයේ අරමුණු වෙනස් කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බවයි. ලෝකයේ සෑම රටක්ම රතු වර්ණය යොදා ගනිමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කටයුතු කරන නමුත් මෙරට තුළ මේ වන විට රතු වර්ණය මෙන්ම වැඩ කරන ජනතාව පිළිබදව වන අරමුණුද වෙනස් කරමින් මැයි දිනය සමරන තත්ත්වයක් උදාවී අැති බවද කේ.ඩී ලාල්කාන්ත මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී. ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක සිය පක්ස ලාංඡනය වන සීනුව සලකුණ යෙදා ගනිමින් මැයි දිනය සැමරීමට කටයුතු කර නොමැති බවත් වැඩ කරන ජනතාව වෙනුවෙන් වන එකම මැයි දින සැමරුම ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ බී.අාර්.සී පිටියේදී පැවැත්වීමට නියමිතව අැති මැයි දින රැළිය බැවින් ඒ සදහා රතු කොඩියක්ද රැගෙන සහභාගි වන ලෙස වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලාල්කාන්ත මහතා පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ, විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම රන්ජන් ජයලාල් , ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියඅාරච්චි යන මහත්වරුන්ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට