අනුප්‍රාප්තිකයෙකු ලබා දුන්නහොත් ස්ථානමාරුවීම් දෙනවා

අනුප්‍රාප්තිකයෙකු ලබා දුන්නහොත් ස්ථානමාරුවීම් දෙනවා

April 28, 2017   10:14 am


සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාන මාරුවීම් නියෝග සහ නව පත්වීම් මත අනුප්‍රාප්තිකයෙකු ලබා දෙන ලද හෙද හෙදියන් මැයි මස 01 වනදාට පෙර නව සේවා ස්ථාන වෙත මුදාහැරීමට තීරණය කර තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාලවිනයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ සමුළුවේදී මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

රෝහල් අධ්‍යක්ෂවරුන් සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් ඊට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු අතර එම කටයුතු පැහැර හරින නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

සියලු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් සමුළුවට සහභාගී වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.