කට වරද්දා ගත් ජපන් කැබිනට් ඇමතිවරයාට පදවිය අහිමි වෙයි

සිය ප්‍රකාශන සම්බන්ධයෙන් ඇමතිවරයා බලවත් කනගාටුව පළ කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය ප්‍රකාශන සම්බන්ධයෙන් ඇමතිවරයා බලවත් කනගාටුව පළ කරයි

2011 වසරේ ජපානය මුහුණ දුන් මහා භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් තෝකියෝ අගනුවර බේරී විශාල ග්‍රාමීය ප්‍රදේශයක් ඊට ගොදුරුවීම වාසනාවක් යයි කී ජපන් කැබිනට් ඇමතිවරයා පදවියෙන් ඉල්ලා අස්විය.

විනාශ වූ කලාපයේ යළි ඉදිකිරීම් භාර ඇමති මසහිරෝ ඉමමුරා (Masahiro Imamura) විසින් කරන ලද ප්‍රකාශය මහජනතාව කුපිත කිරීමට හේතුවිය.

භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් විනාශ වූ ඊශාන දිග ජපානයේ 'තොහොකු' (Tohoku) ප්‍රදේශවාසීන්, මසහිරෝ ඉමමුරා ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් කෝපයට පත් වීමත් සමඟ අගමැති ශින්සෝ අබේ එම ජනයාගෙන් සමාව ඉල්ලා සිටියේය.

2011 සුනාමියෙන් විනාශ වූ ෆුකුෂිමා නගරය
ඡායාරූප ශීර්ෂ වැකිය,

2011 සුනාමියෙන් විනාශ වූ ෆුකුෂිමා නගරය

2011 භූමි කම්පාව සහ සුනාමිය නිසා ෆුකුසිමාහි න්‍යෂ්ටික බලාගාර තුනක් බිඳ වැටීමෙන් ඒවායේ විෂ රසායන පිටාර ගලන්නට පටන් ගත් අතර විනාශ වූ 'තොහොකු' (Tohoku) ප්‍රදේශය යළි ගොඩනැගීම තවමත් අවසන් වී නොමැත.

තමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් බලවත් ලෙස කනගාටුවට පත් වෙන බව මසහිරෝ ඉමමුරා ඇමතිවරයා දැන් පවසයි.

2011 මහා භූමිකම්පාවෙන් සහ ඒ සමඟ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයන් 1850 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව හෝ අතුරුදහන් වී ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

සුනාමියෙන් විපතට පත්ව සිටියදී ඉවත් කරගත් ජනයා
ඡායාරූප ශීර්ෂ වැකිය,

සුනාමියෙන් විපතට පත්ව සිටියදී ඉවත් කරගත් ජනයා