යුද්ධයේ දී ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදුන්නා
April 18, 2017 08:49 am
එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේ දී ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදුන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව සිදුකළ යුද්ධය තමා වෙනුවෙන් සිදුකළ යුද්ධයක් නොවන බවය.
එල්.ටි.ටි.ඊ. සංවිධානය ඉන්දියාවේ අග්‍රමාත්‍යවරයෙකු වු රජිව් ගාන්ධි ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළ අතර එම නිසා එල්.ටි.ටි.ඊ. සංවිධානය පරාජය කිරීමට ඉන්දියාවට ද අවශ්‍යව තිබු බව ඔහු පවසයි.
චීනය හා පාකිස්ථානය පමණක් නොව බ්‍රිතාන්‍ය මෙන්ම අමෙරිකාව ද යුද්ධයේ දී ශ්‍රී ලංකා රජයට සහය ලබාදුන් බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ඉන්දීය බුද්ධි අංශ මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට සහයෝගය ලබාදුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද එම සම්මුඛ සාකච්ඡාවේ දී විමසීමක් කර තිබේ.
ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අතීතයේ සිදුවු දේ පිළිබදව කතා කිරීමට තමා අකමැති බවත් සිදුකරන දේ සිදුවන බවත් මේ වන විට නව පිටුවක් පෙරළී ඇති බවත් ය.