චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියි
April 9, 2017 10:10 am
මාතර - හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටින ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
තිහගොඩ ප්රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලේ ගින්න හටගෙන ඇති ඇති අතර පොලීසිය, ප්රදේශවාසීන් සහ මාතර නගර සභා ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.