නීති විරෝධී මත්පැන් සමග 1ක් මාට්ටු

නීති විරෝධී මත්පැන් සමග 1ක් මාට්ටු

April 8, 2017   06:04 pm

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබී මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ගොඩා බැරල් 05ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු දුනගහ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(08) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.