සංහිඳියාව වෙනුවෙන්  කලාකරුවන් සුවිශේෂී දායකත්වයක් ලබාදිය යුතුයි

සංහිඳියාව වෙනුවෙන් කලාකරුවන් සුවිශේෂී දායකත්වයක් ලබාදිය යුතුයි

April 1, 2017   09:41 pm


ජාතික සමඟිය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලාංකේය සිනමාව ඩිජිටල්කරණයේ නව යුගයට කැටුව යමින් 8 වසරකට පසු පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

සිනමා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සහ බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

දේශීය සිනමා ක්ෂේත්‍රය තුළ 2015 වසරේදී තිරගත කරන ලද චිත්‍රපට සඳහා මෙහිදී සම්මාන පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ  “ ඔබ නැතුව ඔබ එක්ක“හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහි රඟ ශ්‍යාම් ප්‍රනාන්දු  හොඳම නළුවා ලෙස සහ හොඳම නිළිය ලෙස අජංලී පටෙල් ජනාධිපතිවරයා අතින් මෙහිදී සම්මාන ලබා ගෙන තිබේ.