රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි
March 25, 2017 05:19 pm
ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර තිබේ.
අද(25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ලබන අප්‍රේල් මස 09 සහ 10 යන දෙදින තුළ රැජිනි කාන්ත් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණි.
ඒ යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයක් සඳහාය.
මේ අතර රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමිල්නාඩු දෙමළ ජනතාව මෙන්ම තමිල්නාඩු දේශපාලන පක්ෂ ද විවිධ අදහස් පළ කර තිබුණි.
ඉන්දීය භාරතීය පක්ෂයේ නායක සුග්රාමුනියම් සාමි පවසා තිබුණේ රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරටට වඩාත් වැදගත් වන සංචාරයක් වනු ඇති බවයි.
තමිල්නාඩු පක්ෂ මෙම සංචාරය හෙලා නොදැක ඊට සහයෝගය ලබාදිය යුතු බව ද සුග්රමුනියම් සාමි පවසා තිබුණි.
කෙසේවෙතත් විදුතලෙයි චිත්රංගල් පක්ෂයේ නායක ටී. තිරිවාවලන් රැජිනි කාන්ත්ගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සාචාරය දෙමළ ජනතාව තුළ ඔහු අප්‍රසාදයට පත් වනු ඇති බවයි.