ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳීමට පියවර

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳීමට පියවර

March 22, 2017   08:16 am



ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසයි.

ඇය පවසන්නේ දකුණු ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය  පියවර ද ගෙන ඇති බවය.

දකුණු ඉන්දීය ධීවරයින් පිරිසක් නවදිල්ලියේදී හමුවූ අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ බලධාරීන් අතර අවධානය යොමු වී ඇති බව ඇය පවසා සිටියාය.

දකුණූ ඉන්දීය ධීවර නියෝජිතයින් පිරිසක්, තමා මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරිය මුණගැසුණු අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ධීවරයෙකු ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු කිරීම සඳහා දෙරටේම ධීවරයින්ට පාරම්පරික අයිතියක් පවතින බව එම ධීවර නියෝජිතයින් සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.