එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව සම සහය ලබා දෙන්න තීන්දුයි

එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව සම සහය ලබා දෙන්න තීන්දුයි

March 16, 2017   06:52 pm



ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල යෝජනාවට සම සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව හා යුක්තිය ඇති කිරීමට උපරිම සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය කියා සිටියේය.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවේ අරමුණ ද එය බවයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය සඳුදා දිනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව අමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලැබීය.

එම යෝජනාවට බ්‍රිතාන්‍ය, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යනරටවල් එම යෝජනාවට සත්කාරත්වය ලබාදී ඇති අතර ශ්‍රී ලංකා රජයද ඊට සහයෝගය ලබාදී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකාව තුළ සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ලබාදිය හැකි උපරිම සහයෝගය වත්මන් රජයට ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි අතර ඒ සම්බන්ධයෙන් සම අනුග්‍රහය ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීම සම්බන්ධයෙන් එකඟවීම පිළිබඳ එක්සත් ජනපදය සතුටට පත්වන බවද නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පෙන්වා දී තිබේ.