පාසල් බස් හා ත්‍රිරෝද රථවලට නව නියාමනයක් ?
March 13, 2017 02:21 pm
පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ සඳහා ක්‍රියාත්මක වී ඇති නිතී රිදි නියාමනය කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ අවධානය යොමු කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.
බස්නාහිර පළාත් ප්‍රවාහනය අමාත්‍යාංශය යටතේ පාලනය වන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ඉදිරි වැඩ සටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අද (13) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති සංශෝධනය කිරීමටත් නව නිතීන් ඇතුළත් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.