ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීම ඉන්දියාව පමා කරයි

ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීම ඉන්දියාව පමා කරයි

March 10, 2017   10:18 pm


ඉන්දියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් නිදහස් කිරීම මාර්තු 23 දා දක්වා කල්යනු ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය වාර්තා කරයි.

චෙන්නායි නුවර අධිකරණයක් ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයන් 19 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කිරීමත් සමඟ මෙම ප්‍රමාදය ඇතිව ඇති බව වාර්තා වෙයි.

දෙරටේ අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කිරීමට ඉන්දු ශ්‍රී ලංකා එකඟත්වය පළ වූ බව ඊයේ(09) දිනයේ ධීවර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 ඒ අනුව මෙරට නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 85 දෙනකු නිදහස් කිරීමටත්, ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් 19 දෙනකු නිදහස් කිරීමටත් දෙරටේ බලධාරීහූ එකඟත්වයක් ඇති කර ගෙන තිබේ.