අන්තර්ජාල වාරණය ආර්ථික සංවර්ධනයට බාධාවක් -චීන නිලධාරියෙක්

AP

ඡායාරූප මූලාශ්‍රය, AP

අන්තර්ජාල භාවිතය සඳහා රටතුළ බලපැවැත්වෙන වාරණය, රටේ විද්‍යාත්මක පර්යේෂණ සහ ආර්ථික සංවර්ධනයට බාධාවක් වන බවට චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනතුරු අඟවයි.

චීනයේ, රජයේ නිලධාරියෙකු විසින් එවැනි ප්‍රකාශයක් කිරීම ඉතා දුර්ලභ සිදුවීමකි.

එම ප්‍රකාශය කළ ලූ ෆුහි නම් නිලධාරියා විශ්‍රාමික විද්‍යාඥයකු වන අතර ඔහු චීන පාර්ලිමේන්තු උපදේශක සමුළුවේ උප සභාපතිවරයකු ලෙසත් කටයුතු කරයි.

රටේ දේශපාලනයට හානියක් නොවන මට්ටමින්, විදේශ විශ්ව විද්‍යාලවල අන්තර්ජාල වෙබ් අඩවිවලට පිවිසීමට ඉඩ සැලසෙන පරිදි අන්තර්ජාල වාරණය ලිහිල් කරන මෙන් ඔහු ඉල්ලා සිටියි.

චීනයේ බලපැවැත්වෙන මාධ්‍ය වාරණය යටතේ බොහෝ සමාජ මාධ්‍ය සහ විදේශීය වෙබ් අඩවියට පිවිසීමට අවස්ථාවක් නොලැබේ.