මහජන සුබසාධනය වෙනුවෙන් රජයේ ප්‍රමුඛස්ථානය

මහජන සුබසාධනය වෙනුවෙන් රජයේ ප්‍රමුඛස්ථානය

February 28, 2017   02:01 pm

සුබසාධන රාජ්‍යයක් වශයෙන් ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිවලදී පොදු මහජනතාවගේ සුබසාධන කටයුතු සඳහා තම රජය ප්‍රමුඛස්ථානය දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (28) පැවති තිරසර මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩසටහනේ සමාරම්භ උළෙලට සහභාගී වෙමින් එතුමා මෙම අදහස් පළ කර සිටියේ ය. 

ශ්‍රී ලංකාවේ සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දුගීබව, දරිද්‍රතාවය හා බරපතල ආර්ථික අසීරුතාවයන්ගෙන් පීඩා විදින බවත් 2017 වසර දූගීබවෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් නම් කර ඇති බවත් පැවසු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ මෙම තත්ත්වය නඟා සිටුවීමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

තිරසර සංවර්ධන සංකල්පයන් ඇති කර ගැනීමට මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය කළමනාකරණය ඒකාබද්ධ වු පුළුල් ජාතික වැඩසටහන රටේ වත්මන් අවශ්‍යතාව මත සාර්ථක පියවරක් තබනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.