මහින්ද වෙනුවෙන් ඒකාබද්ධය මහ බැංකු අධිපති හමුවෙයි
February 27, 2017 10:23 pm
බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත්‍රයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කිරීමට විරෝධය පළ කිරීම සඳහා අද (27) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණියේය.
එහිදි ඔවුන් මහ බැංකු අධිපති ආනන්ද කුමාරස්වාමි මහතා හමු විය තිබේ.
අදාළ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා නිරපරාදේ බැඳුම්කර අපරාධයට සම්බන්ධ කිරීමට උත්සහ ගන්නා බවයි.
කෙසේ වෙතත් මෙම හමුවේ දී වත්මන් මහ බැංකු අධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා කිිසිදු බැඳුම්කර වංචාවකට සම්බන්ධ නොවන බව පිළිගත් බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.