රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීති ගේනවා

රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීති ගේනවා

February 23, 2017   02:17 pm



රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී නව නීතිරීති ගෙන එන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර එම පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් වඩා හොඳ තීන්දු තීරණ ගන්නා රජයක් වර්තමානයේ පවතින බව පෙන්වාදෙන සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  වැඩිදුරටත් සඳහන් කළේ දියුණු ලෝකයේ වෛද්‍ය වෘත්තිය මෙන් මෙරට වෛද්‍ය වෘත්තිය ද ගොඩනැංවිය යුතු බවයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංය, ලංකා වෛද්‍යවරුන්ගේ සංසඳය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ඒකාබද්ධව පවත්වන “මහජන සුවදන“ ජාත්‍යන්තර සෞඛ්‍ය  ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.