තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසරේ අත්සන් තැබෙයි

තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසරේ අත්සන් තැබෙයි

February 18, 2017   10:00 pm




තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් මෙම වසරේ අත්සන් කිරීමට නියමිතය.

ඉදිරි පස් වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක් ආයෝජනය කර දෙරට අතර ද්වී පාර්ශවීය වෙළෙඳ සබඳතා තුන් ගුණයකින් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද වාර්තා වේ.

තායිලන්ත අගමැති හා ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (17)හමු වූ අවස්ථාවේ මේ පිළිබඳ සාකච්ඡාකර තිබේ.

එමෙන්ම තායිලන්ත අගමැති විසින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආර්ථික ප්‍රථිලාභ කඩිනමින් ශක්තිමත් කර රටවල් දෙකෙහි උපායමාර්ගික සහයෝගීතාවයක් පැවැත්වීමට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.