සිහින වෙනුවෙන් ජීවිත බිලිදෙන්න බෑ

සිහින වෙනුවෙන් ජීවිත බිලිදෙන්න බෑ

February 16, 2017   05:52 pm



සිහිනයක් වෙනුවෙන් ජීවිත බිලි නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක,වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

අද(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම මහතා මේ බව ප්‍රකාශකර සිටියේය.

එමෙන්ම වෛද්‍ය සභාවේ  අනුකූලතා සහතිකයක් නොමැතිව උපාධියක් දෙනවානම් ඒ සම්බන්ධ වගකීමක් තිබිය යුතු බව ඔහු පැවසූ අතරම ජනාධිපති සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පවසා සිටියේය.

එමෙන්ම සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන ඇමති තම කාර්යය නිසි ලෙස සිදු නොකළ නිසා සයිටම් තුළ මෙවැනි ගැටළුවක් නිර්මාණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ආඥා පනත අනුව අවසන් ගැසට් පත්‍රය අමාත්‍යවරයා නිකුත් කළ යුතු අතර අමත්‍යවරයාට එය පැය 24ක් ඇතුළත සිදු කළ හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළ සි‍ටියේය.

තවද පීඨාධිපතිවරු  අත්සන් කළ ලිපියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා පැවසුවද එම ලිපියේ  පීඨාධිපතිවරු අත්සන් කර නොමැති බවද එම මහතා පවසයි.

එමෙන්ම කිරිඇල්ලගේ බොරුව හෙළිකරන මෙන් පීඨාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද එම මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවේ අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නවීන්ද ද සොයිසා පවසා සිටියේ ,සයිටම් ආයතනයේ සිසුන් බදවා ගැනීමට පෙර සිටම ප්‍රමිතිය සැකසිය යුතු බවය.

එමෙන්ම හෙට වෛද්‍ය ආචාර්ය වෘත්තීය සංගම් නියෝජිතයන් හමුවන අතරම රෝගීන්ට කිසිදු බාධාවක් නොවන ලෙස ලබන සතියේ සිට උද්ඝෝෂණ සිදුකරන බවය.