ලක්ෂ 29ක ව්‍යාජ නෝට්ටු සමග 1ක් අල්ලයි

ලක්ෂ 29ක ව්‍යාජ නෝට්ටු සමග 1ක් අල්ලයි

February 12, 2017   03:56 pm



රුපියල් 29 ලක්ෂයකට අධික වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී  මොරගහහේන කොටිගන්ගොඩ ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 106ක් රුපියල් දහසේ නෝට්ටු 1830ක් සහ රුපියල් 500 නෝට්ටු 1079ක් සොයාගෙන තිබේ.

 එම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ඡායාපිටපත් යන්ත්‍රයක් ද එහිදි පොලිස් බාරයට  ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිගම්පිටිය පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.