ඉතාලියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යල‍යට විශේෂ ආරක්ෂාවක්

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යල‍යට විශේෂ ආරක්ෂාවක්

February 4, 2017   08:15 am


ඉතාලියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යල‍ය ඉදිරිපිට විරෝධතාවක්  පැවැත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරයක් හේතුවෙන් එරට පොලීසිය දැනුවත් කළ බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා පවසයි.

අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් පැන නැගී නොමැත බවයි.

ඉතාලියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යල‍යට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට එරට ආරක්ෂක අංශ එකඟතාව පළ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.