උමා ඔය පීඩිතයින්ට වන්දි ඉල්ලා පෙත්සමක්

උමා ඔය පීඩිතයින්ට වන්දි ඉල්ලා පෙත්සමක්

January 30, 2017   04:03 pm

උමා ඔය ව්‍යෘපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූ තමන්ට වන්දි ලබා දෙන ලෙස පවසමින් ගොවීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට දින නියම කර තිබේ. 

අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම ලබන මස 16 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධීකරණය දින නියම කළ බව අද දෙරණ අධීකරණ වාර්තාකරු සඳහන් කළේ ය. 

අදාළ පෙත්සම ප්‍රියසාද් ඩෙප්ත්, උපාලි අබේරත්න සහ නවීන් පෙරේරා යන විනිසුරුවරුන් හමු වේ අද කැඳවනු ලැබුවේය. 

එහි දී විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම අග්‍රවිනිශ්චකාර කේ.ශ්‍රී වන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විනිසුරු හමුවේ සලකා බැලීමට අවශ්‍ය බවයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් තම වගාවලට මෙන් ම නිවාසවලට ද බලවත් හානියක් සිදුව ඇති බව පෙත්සම්කරුවන් පවසයි.

ඒ සඳහා වන්දි හා ස්ථාන ලබා දීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියි.