රෝද තුනේ පෙත්සම ඉල්ලා අස්කරගනී
January 30, 2017 01:22 pm
ත්‍රිරෝද රථ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබේ.
2013 වසරේ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජය පියවරගෙන තිබීම හේතුවෙන් පෙත්සම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවට අද අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදය කුමාර් පවසයි.