වර්තමාන ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත්

වර්තමාන ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත්

January 14, 2017   12:14 pm



වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වී පවසා ඇති බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

එමෙන්ම පසුගිය වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කෙටුම්පත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහයෝගය ලබාදුන් බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර ඇති බව සඳහන්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිත බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

නව ව්‍යවස්ථාවක් සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට හැකියාව පවතින බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්  මහත්මිය පැවසීය.

මෙම හමුවේදී මෙරට පැවති සිවිල් යුද සමයේ සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට  ප්‍රතිසංවිධාන කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා වි තිබේ.