හෂිස් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයා මාට්ටු

හෂිස් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයා මාට්ටු

January 9, 2017   01:28 pm


මාතර, පොල්හේන, මඩිහ ප්‍රදේශයේදී හෂිස් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරු සතුව තිබී හෂිස් ග්‍රෑම් 06යි මිලිග්‍රැම් 720ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහු 25 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු බව සඳහන්ය.

සැකකරු අද (09) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.