"කොමිස් ගත් බව ඔප්පු කළොත් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා"

"කොමිස් ගත් බව ඔප්පු කළොත් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා"

වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට මහා පරිමාණ වී මෝල් හිමියකුවන ඩඩ්ලි සිරිසේන නැගූ චෝදනාව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවෙන් ද ඉවත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ සහල් මිල වැඩිවීමත් සමග ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (ජනවාරි 03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

සිය සොහොයුරන්ට උපකාර කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගෙන් ඉල්ලා නොමැති බවත් ඔහු සඳහන් කළේය.

සහල් ආනයනය කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවා ඇති බව කී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඇතුළත විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් පැවසීය.

ඒ හරහා සහල් මිල අඩු කර ගත හැකි වනු ඇති බවත් සහල් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.