කේරළ ගංජා සමග 4ක් මාට්ටු

කේරළ ගංජා සමග 4ක් මාට්ටු

December 31, 2016   05:03 pm



දිවයිනේ ප්‍රදේශ දෙකකදී කේරළ ගංජා කිලෝ 10ක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ පෑලියගොඩ පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරීන් එක්ව  සිදු කළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 09ක් සමග පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම ගංජා තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කඳාන පොලීසිය වෙත බාරදී තිබේ.

මේ අතර පුත්තලම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව එළුවන්කුලම ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 01ක් සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වැඩිදුර විමර්ශන සෙඳහා පුත්තලම පොලීසිය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.