කාන්තාවක ඉල්ලා දඹුල්ලේ ගැටුමක්-වෙළෙඳසැළකට සීල්

කාන්තාවක ඉල්ලා දඹුල්ලේ ගැටුමක්-වෙළෙඳසැළකට සීල්

December 29, 2016   01:32 pm

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක් තුළ අසම්මත ක්‍රියාවලියක් හා ගැටුමක් ඇතිවීම හේතුවෙන් එක වෙළෙඳසැළක් සීල් තබා සිව්දෙනෙකු පොලීසියට බාරදී තිබේ.

අද(29) අලුයම 2.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත්, වෙළෙඳ මධ්‍යස්ථානයේ කීර්තිනාමයට හානියක් වනසේ හැසිරුණු බව සැකපිට වෙළඳසැල් සේවකයන් තිදෙනකු හා කාන්තාවක මෙලෙස දඹුල්ල පොලිසියට බාර දුන් බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කළේය.

දැනට සීල් තබා ඇති වෙළඳසැළේ සේවකයින් විසින් කාන්තාවක රැගෙනවිත් එහි ඇතුළත තබාගෙන සිටින බවට තවත් වෙළෙඳසැළක සේවකයින් පිරිසක් දැක අදාළ කාන්තාව ඉල්ලා තිබේ.

එම කාන්තාව මුලින් කැටුව ආ පිරිස් ඇය ලබා නොදීම නිසා දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තම ආයතනයේ ආරක්ෂක නිලධාරින් පැමිණ සිද්ධිය පාලනය කොට දඹුල්ල පොලිසියට මේ බව දැනුම්දී සැකකරුවන් පොලීසියට බාරදුන් බව විජේරත්න මහතා සඳහන් කළේය.

සීල් තබා ඇති වෙළෙඳසැළ පිළිබඳව කළමනාකරණ බාරය හා වෙළෙඳ සංගමය සමග සාකච්චා කොට තීරණයකට එළඹෙන බවත්, පොලිසියට බාරදුන් පිරිස පිළිබඳව පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.