කාර්මික විද්‍යාල 3ක් පිහිටුවන්න චීන රජය අත දෙයි

කාර්මික විද්‍යාල 3ක් පිහිටුවන්න චීන රජය අත දෙයි

December 25, 2016   08:46 am


ශ්‍රී ලංකාවේ ස්ථාන තුනක සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

සිසුන් 2000කට එකවර අධ්‍යාපනය ලැබිය හැකි පරිදි  මෙම කාර්මික විද්‍යාල ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

පසුගියදා අමාත්‍යවරයා චීනයේ සිදුකළ සංචාරයකදී චීන රජය සමග මේ  සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.

චීන ආයෝජන මගින් ඉදිවන කර්මාන්ත ශාලා සඳහා පුහුණු ශ්‍රමිකයින් ලබාගැනීම මෙම කාර්මික විද්‍යාල ඉදිකිරීමේ අරමුණ බව පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

හම්බන්තොට, පුත්තලම සහ මොනරාගල යන නගර ආශ්‍රිතව මෙම නව කාර්මික විද්‍යාල ඉදිකිරීමට යෝජනා වී තිබේ.

 චයිනා ටෙක් නමින් එම කාර්මික විද්‍යාල නම් කිරීමට බලාපොරොත්තු වන බව පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.