කේරළ ගංජා සමග මාට්ටු

කේරළ ගංජා සමග මාට්ටු

December 22, 2016   10:05 am



කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ, ඔලිව්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 540ක් සොයාගත් බවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාරදී ඇත.

මේ අතර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු කැකිරාව, මිරිස්ගෝනියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී නීති විරෝධී  මත්පැන් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් හා ගෝඩා ලීටර් 80ක් සොයාගත් බව පොලීස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා කැකිරාව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.