කේරළ ගංජා සමග 3ක් මාට්ටු

කේරළ ගංජා සමග 3ක් මාට්ටු

December 18, 2016   08:59 am



කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 කල්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව කල්පිටිය, කන්දකුලිය ඊච්චන්කාඩුව ප්‍රදේශයේ නිවසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ කේරළ ගංජා තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 අලෙවි කිරීම සඳහා සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 40ක් එහිදි පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවේය.

ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.