ලක්ෂ 15 මත්කුඩු සමග 2ක් දැලේ
December 17, 2016 01:23 pm
කටාර් රාජ්‍යය වෙත ගෙනයාම සඳහා සුදානම් කර තිබු රුපියල් ලක්ෂ පහළොවකට අසන්න මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනෙකු දුම්මලසුරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොලබ් ජම්පටා වීදියේ සිට දුම්මලසුරිය-දුනකදෙනිය දක්වා මේ මත්කුඩු ප්‍රවාහනය කර ඇත්තේ කටාර් රාජ්‍ය වෙත යැවීමට බව සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත .
මේ කුඩු ප්‍රවාහනය කරන ලද වැන් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්මලසුරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි