මැතිවරණය කඩිනමින් ඉල්ලා ජනවාරියේ සිට විරෝධතා
December 17, 2016 01:41 pm
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණයක් නොගතහොත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට දිවයින පුරා විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණයටකට මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පවසා සිටියේය.