ශ්‍රී ලංකා - මැලේසියා තානාපති සබඳතා වසර 60ක් සපුරයි

ශ්‍රී ලංකා - මැලේසියා තානාපති සබඳතා වසර 60ක් සපුරයි

December 16, 2016   12:50 pm





ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු  විශේෂ ආහාර හා සංස්කෘතික උළෙලක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර මැලේසියා මානව සම්පත් සංවර්ධන අමාත්‍ය දාටෝ ශ්‍රී රිචඩ් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

දෙරට අතර ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබූ අතර  ප්‍රවීන සූපවේදී පබිලිස් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා සූපවේදීන්ගේ රසවත් ආහාරපානවලින්  ආහාර උළෙල සමන්විත වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලාංකික ආහාරපාන මැලේසියාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංශ රැසක් ද එහිදී ඉදිරිපත් කර තිබේ.