ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කරයි

ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කරයි

November 23, 2016   09:55 pm


ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

 ඒ අනුව සෑම වර්ෂයකම සැප්තැම්බර් මස පළමු වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රක්ෂණයේ වැදගත්කම පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කර සෑම පවුලක් සඳහාම මූලික රක්ෂණාවරණයක් ලබාගැනීම දිරිමත් කර එමගින් පවුල්වල සිදුවන මරණ රෝගාබාධ හා දේපල හානි ආවරණය කිරීම මෙහි අරමුණ වී ඇති බව වාර්තා වෙයි.