කේරළ ගංජා සමග විදෙස් කත දැලේ
November 20, 2016 04:06 pm
කේරළ ගංජා සමග විදෙස් ජාතික තරුණියක ඇල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික තරුණියක වන අතර ඇය සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් තුනක් සොයාගත් බවද වාර්තා වේ.
සැකකාරිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.