වල්ලාපට්ටා සමග සිව් දෙනෙක් අල්ලයි
November 20, 2016 11:17 am
සිංහරාජ රක්ෂිතයේ වල්ලාපට්ටා ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දෙණියාය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී වල්ලාපට්ටා ශාක කොටස් කිලෝග්රෑම් තුනකට ආසන්න ප්රමාණයක් සහ එම ශාක කැපීමට යොදාගත් උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ.
අදාළ වල්ලාපට්ටා ශාක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා දෙණියාය අඩවි වන කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.