කැස්බෑ මස් සමග 4ක් කොටු

කැස්බෑ මස් සමග 4ක් කොටු

November 13, 2016   09:05 am



යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ දී කැස්බෑ මස් සමග ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුරුනගර් ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී මරණ ලද කැස්බෑවෙකු සහ තවත් ජීවී කැස්බෑවෙකු සොයාගෙන ඇති බව නාවික හමුදා පැවසුවේය.

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව් හි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 

එහිදී, අදාළ ධීවරයින් සමග ඔවුන්ගේ ධීවර උපකරණ ද නාවික හමුදාව බාරයට ගත් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් ධීවරයින්  ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාර දීමට  නාවික හමුදාව කටයුතු කර තිබේ.