සියලු විෂය ඒකක ටැබ් පරිගණක තුළින් ලබා දෙනවා
November 13, 2016 09:36 am
පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමට විශේෂඥයින් කණ්ඩායමක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඉදිරියේ දී සියලු විෂය ඒකක ටැබ් පරිගණකය තුළින් සිසුන්ට ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
බොහෝ පිරිසක් යම් තීරණයක වැදගත්කම සාකච්ඡා කිරීම වෙනුවට එහි ඇති සුළු අඩුපාඩු විවේචනය කිරීමට පෙළඹී ඇති බව එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.